සිහින සතක් මැදsihina sathak maedha

Sihina Sathak Mada

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
මඩවල S රත්නායකmadawala s rathnaayaka

Lyrics

සිහින සතක් මැද - විමනක් සැදුනයි
සීත සඳුන් සුව - ඒ තුළ තිබුණයි
වාසනාවෙ මල් - හදවත පිපුණයි
ගීත නාද දෙව් - ලෝකෙන් ඇහුණයි

නීල නුවන් ගැබ - සෝක වළාවෝ
වේදනාව ගෙන - හද අඹරෝරේ
ඈතින් පොරකා  - තෙරපී ඇඹරී
දෑසෙ කදුළු වැල් - රෑරා වැගිරෙයි

අකාලයේ වැසි - දිය ඇද හැලිලා
සෝක සුසුම් ගග - ඉවුරු තලාලා
වාසනාවෙ මල් - අකලට මැරුණයි
ප්‍රේම ලෝකෙ රන් - මන්දිර හැදුනයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.