සීගිරි ළඳකගෙsiigiri landakage

Sigiri Landakage

ගී පද

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ රැදි  නෙරිය ලතාවයි
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි
සඳකඩ පහනේ මුදු රැළි අතරේ තිසර ලතාවයි
සුසිනිඳු කළු ගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි

තල්පත් අතරේ පන්හිඳ තුඩඟින් 
නව නළු රස ගංගා ගලලා
ගල් කටු පහරින් කළු ගල මත්තේ
කෝමළ රේඛාවන් නැගිලා

ගුවන් කුසේ සිට සුරවමියන් දුන් 
සුමුදු සිනා පොද ඇද හැලිලා
යුගයෙන් යුගයට අසිරිය පවසයි
හෙළ විරුදා ගී පොත පෙරළා