Lyrics
සීගිරි ළඳකගෙ පුළුලුකුලේ රැදි නෙරිය ලතාවයි
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි
සඳකඩ පහනේ මුදු රැළි අතරේ තිසර ලතාවයි
සුසිනිඳු කළු ගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි
තල්පත් අතරේ පන්හිඳ තුඩඟින්
නව නළු රස ගංගා ගලලා
ගල් කටු පහරින් කළු ගල මත්තේ
කෝමළ රේඛාවන් නැගිලා
ගුවන් කුසේ සිට සුරවමියන් දුන්
සුමුදු සිනා පොද ඇද හැලිලා
යුගයෙන් යුගයට අසිරිය පවසයි
හෙළ විරුදා ගී පොත පෙරළා