සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයිsenehasa suwandayi piyumak waageyi

Senehasa Suwandai Piyumak Wage

ගී පද

සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලත් අතරින් සුසුමක් රිදවයි
සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි

පව් කල හින්දද පෙර සංසාරෙක 
විරහ කදුළු මැද තනිවී දෙතැනක
උරුම උනා දුක අහිමි උනා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට

සෙනෙහස සුවඳයි ....

සඳ දුර තනිවම වැලපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන //
කව් ගී ලිව්වට එහි රස විදිනට 
ඔබ නෑ මා ලඟ ගොස් දුර ඈතක

සෙනෙහස සුවඳයි ....