Lyrics
සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලත් අතරින් සුසුමක් රිදවයි
සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි
පව් කල හින්දද පෙර සංසාරෙක
විරහ කදුළු මැද තනිවී දෙතැනක
උරුම උනා දුක අහිමි උනා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට
සෙනෙහස සුවඳයි ....
සඳ දුර තනිවම වැලපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන //
කව් ගී ලිව්වට එහි රස විදිනට
ඔබ නෑ මා ලඟ ගොස් දුර ඈතක
සෙනෙහස සුවඳයි ....