ගී පද
(සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්...//)
(පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්...//)
නුඹේ පා යටින් සඳකඩ පහන පායලා
(බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ...//)
(ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා...//)
සතර වරම් දෙවි...
(කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට...//)
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
(ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා...//)
සතර වරම් දෙවි...