සතර වරම් දෙවි මහරජsathara waram dhewi maharaja

Sathara Waram Devi Maharaja

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

(සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්...//)

(පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්...//)
නුඹේ පා යටින් සඳකඩ පහන පායලා
(බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ...//)
(ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා...//)

සතර වරම් දෙවි...

(කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට...//)
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා 
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
(ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා...//)

සතර වරම් දෙවි...
  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.