සංසාරෙ සෙවණැල්ලsansaare sewanaella

Sansaara Sewanella

සංගීතය:
මොහමඩ් සාලිmohamad saali
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

සංසාරෙ සෙවණැල්ල 
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න 
කලතා පෙරාලා 
කලතා පෙරාලා  ....//

මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි //
පෑහී පෑහී එකට හමා යයි //
හද මාගෙ පිළිගන්න 
එය ඔබගේමයි 
එය ඔබගේමයි

සංසාරෙ සෙවණැල්ල  .../

ආදර නදියේ ගිලි ගිලි පිරියේ //
පීනා පීනා යමු පෙම්බරියේ //
රළ පාර ඉවසන්න 
සැපත ඉදිරියේ 
සැපත ඉදිරියේ

සංසාරෙ සෙවණැල්ල  ...//