ගී පද
සඳට ඔබ හිනැහෙන්න
තරු වලට නොපෙනෙන්න
මගෙ සිතට කොඳුරන්න
(කාටවත් නොඇසෙන්න...//)
(කුලුඳුලේ බැන්ද පෙම
සිත් කොනක සඟවාගෙන...//)
අපි අපට හිමි නොවන
(බවත් සිහියට ගන්න...//)
(තරු වලට ගතු කියන
සඳසාවි නිදි රැයක...//)
සිනාසෙමු අපි සඳට
(දෙතැනකට වී ඉඳ...//)
සඳට ඔබ හිනැහෙන්න...