සඳට ඔබ හිනැහෙන්නsandata oba hinaehenna

Sandata Oba Hinahenna

Music:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
Lyrics:
ඉන්දික චන්ද්‍රරත්නindhika chandhrarathna

Lyrics

සඳට ඔබ හිනැහෙන්න 
තරු වලට නොපෙනෙන්න 
මගෙ සිතට කොඳුරන්න  
(කාටවත් නොඇසෙන්න...//)

(කුලුඳුලේ බැන්ද පෙම
සිත් කොනක සඟවා⁣ගෙන...//)
අපි අපට හිමි නොවන
(බවත් සිහියට ගන්න...//)

(තරු වලට ගතු කියන 
සඳසාවි නිදි රැයක...//) 
සිනාසෙමු අපි සඳට
(දෙතැනකට වී ඉඳ...//)

සඳට ඔබ හිනැහෙන්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.