ගී පද
සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ
තනි වීලා ඈත ඉමේ
සඳ පානේ නෑවී ආලෝකේ //
කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා
සඳ රේඛා හිනැහේ වී ....
ගැයෙනා ගීතේ රාවේ
තනි වූ රෑ හෝරාවේ
පවනේ මේ පාවීලා ඒවී
පවනේ මේ පාවීලා ඒවී //
සඳ රේඛා හිනැහේ වී ....
කවදා හෝ රෑ සීතේ
දැවටීලා මා දෑතේ
රස ලෝකේ පාවීලා යාවී
රස ලෝකේ පාවීලා යාවී //
සුවඳක් වී නෑ මා ගාවින්
හසරැල් පාවී ආශාවෙන්
මගේ දෑසේ දසුනේ යාවීලා
සඳ රේඛා හිනැහේ වී ....//
කීවේ කීවේ ගීතේ ....
සඳ රේඛා හිනැහේ වී ....