සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේsanda reekhaa hinaehee wii mee rae yaamee

Sandareka Hinahewi Mey Raa Yaame

Music:
බ්ලු ශෑඩෝස්blu shaedoos

Lyrics

සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ
තනි වීලා ඈත ඉමේ
සඳ පානේ නෑවී ආලෝකේ //

කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා

සඳ රේඛා හිනැහේ වී ....

ගැයෙනා ගීතේ රාවේ 
තනි වූ රෑ හෝරාවේ
පවනේ මේ පාවීලා ඒවී
පවනේ මේ පාවීලා ඒවී //

සඳ රේඛා හිනැහේ වී ....

කවදා හෝ රෑ සීතේ
දැවටීලා මා දෑතේ
රස ලෝකේ පාවීලා යාවී
රස ලෝකේ පාවීලා යාවී //

සුවඳක් වී නෑ මා ගාවින්
හසරැල් පාවී ආශාවෙන් 
මගේ දෑසේ දසුනේ යාවීලා

සඳ රේඛා හිනැහේ වී ....//

කීවේ කීවේ ගීතේ ....

සඳ රේඛා හිනැහේ වී ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.