ගී පද
සඳ පායන්නේ සීතල අරගෙන
ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන.....
අරණ්‍යානි කඳුළු සලන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැලි රහසක් මුමුණන තරමට
අහසට කොඳුරා රහස් කියව්.....
රණහස සැරසී ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුණිවත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට සැම විට
ඈ දෙව් පුතු අරුණලු කැඳවව්.....