ගී පද
සඳ මැකී ගියා තරු නිවී ගියා
කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා
එබී පොර කකා අඳුර අත ගගා
කඳළු පිසින තුඩැඟිලි සොයා ඇදෙනවා
පාළු නෙත් කෙවෙනි දිගේ ඇදහැලුණා
මම හැඬුවා... මම හැඩුවා....
සීතල ඒ කඳුළු මගේ තනි මැකුවා
ළඟ රැඳුණා.... ළඟ රැඳුණා....
තටු ආවම හීන වලට මේ අහස මගේමනේ
මගේමමයි සිතෙන්නේ
නින්ද නේන රෑ තුන්යම හීනයවත් හිමි නැති
සිත ගොළු වෙලා ගිහින්නේ
සීතල කඳුළට සම වෙන දවස අරන් පෑල දොරින්
වඩිනු මැන වසන්තේ ආදරේ වසන්තේ.......
සඳ දියෙන් දොවා ලොවම එළිය වෙලා
මල් පූදින වසන්තයක් හීනෙට වැඩියා.......