සඳ මැකී ගියා (සිහින සොයා තේමා ගීතය)sanda maekii giyaa (sihina soyaa theemaa giithaya)

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Music:
දිනේෂ් සුබසිංහdhineesh subasinha
Lyrics:
ආරියවංශ කුලතිලකaariyawansha kulathilaka

Lyrics

සඳ මැකී ගියා තරු නිවී ගියා
කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා
එබී පොර කකා අඳුර අත ගගා
කඳළු පිසින තුඩැඟිලි සොයා ඇදෙනවා
පාළු නෙත් කෙවෙනි දිගේ ඇදහැලුණා 
මම හැඬුවා... මම හැඩුවා....
සීතල ඒ කඳුළු මගේ තනි මැකුවා
ළඟ රැඳුණා.... ළඟ රැඳුණා....

තටු ආවම හීන වලට මේ අහස මගේමනේ
මගේමමයි සිතෙන්නේ 	
නින්ද නේන රෑ තුන්යම හීනයවත් හිමි නැති
සිත ගොළු වෙලා ගිහින්නේ
සීතල කඳුළට සම වෙන දවස අරන් පෑල දොරින්
වඩිනු මැන වසන්තේ ආදරේ වසන්තේ.......

සඳ දියෙන් දොවා ලොවම එළිය වෙලා
මල් පූදින වසන්තයක් හීනෙට වැඩියා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.