සඳ මා හා සිනාසුනාsanda maa haa sinaasunaa

Sanda Ma Ha Sinasuna

ගී පද

සඳ මා හා සිනාසුනා
තරු මා හා කතාකලා
ඔබ මා හා සිනාසුනේ නෑ 
ඔබ මා හා කතාකලේ නෑ...

(පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මලුව දිහාවට...//)
බෝ මලුවේ හිඳ පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට...

සඳ මා හා සිනාසුනා.../

(පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට...//)
නාඳුනනා සේ ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට....

සඳ මා හා සිනාසුනා.../