Lyrics
සඳ මා හා සිනාසුනා
තරු මා හා කතාකලා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ...
(පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මලුව දිහාවට...//)
බෝ මලුවේ හිඳ පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට...
සඳ මා හා සිනාසුනා.../
(පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට...//)
නාඳුනනා සේ ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට....
සඳ මා හා සිනාසුනා.../