ගී පද
සඳ එලිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමු අරන් යන්න ලඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒත් සමු අරන් යා යුතුමයි ..//
ඇඟිලි පටලා සිටිය කාලේ
අපිව දුර නෑ කියා දැනුනේ
තනිව උදුරා සොඳුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වුයේ
සඳ එලිය ..../
කඳුළු පිරුණු දෙනත ඔබගේ
බලන්නට බෑ දුකයි දැනුනේ
අහිමි වුවා ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණි උරුම සෙනෙහෙ
සඳ එලිය ගලා ........