සඳ එලිය ගලා එනsanda eliya galaa ena

Sanda Eliya Gala Ena

Lyrics

සඳ එලිය ගලා එන රාත්‍රියයි 
ඔබ මගෙන් සමු අරන් යන්න ලඟයි 
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි 
ඒත් සමු අරන් යා යුතුමයි ..//
	
ඇඟිලි පටලා සිටිය කාලේ 
අපිව දුර නෑ කියා දැනුනේ 
තනිව උදුරා සොඳුරු ගීතේ 
දවස ඇයි මේ නපුරු වුයේ 

සඳ එලිය ..../

කඳුළු පිරුණු දෙනත ඔබගේ 
බලන්නට බෑ දුකයි දැනුනේ 
අහිමි වුවා ප්‍රථම ප්‍රේමේ 
කඳුල පමණි උරුම සෙනෙහෙ 

සඳ එලිය ගලා ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.