ගී පද
සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ
ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ
පසු තැවෙනා සිත මාගේ වාවන්නද කලෙසේ //
ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළගින් රැදෙන්නෙමි
රකිමි ආදරෙන් මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමි //
සඳ බොදවී ....
සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ
බිඳුනේ මා ඔබේ
සිතේ හැගුම් ගැන ළදේ
හදුනා නොගත් නිසා //
සඳ බොදවී .... //