සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේsanda bodhawii yana witadhii haeduwaa aakaasee

Sanda Bonda Wee Yana Witadi

Lyrics

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ
ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ
පසු තැවෙනා සිත මාගේ වාවන්නද කලෙසේ //

ආත්මයෙන් ආත්මයේ 
ඔබේ ළගින් රැදෙන්නෙමි
රකිමි ආදරෙන් මාගේ පණ වගේ 
පැතුමන් පතන්නෙමි //

සඳ බොදවී ....

සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ
බිඳුනේ මා ඔබේ
සිතේ හැගුම් ගැන ළදේ
හදුනා නොගත් නිසා //

සඳ බොදවී .... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.