ගී පද
සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම්
පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා
නින්ද නැති මේ රාත්‍රියේ ඔබ ගැන සිතමින් ඉන්නේ
ඔබට මා සිත ඇති සෙනෙහේ කෙසේ පවසමිද ප්‍රියේ
සීත ගඟුලක් සේ ඔබ සිසිලස දෙන්නේ
මහ සයුරක් සේ ඔබ මා හද බැඳගත්තේ
මීබිදුවක් සේ මිහිරිය ඔබගෙ සෙනේ
එක නෙත් කැල්මෙන් ඔබ මා සිත උමතු කලේ
සිහිනයක් සේ ඔබ දුටුවේ සුරලොව මා ඉදිරිය සේ
සුන්දරයි මේ ජීවිතේ ඔබ සිටී නම් සදා සැමදා
නින්ද නැති මේ .....
ඔබ පමණයි මගෙ හදවත මේ ලෙස සසල කලේ
ගලනා සිතුවිලි ලියනා පදවැල් පුබුදු කලේ
ඔබ හට පමණයි හදවතින්ම සෙනෙහස පිදුවේ
කවදාදෝ මා ඔබගේ තුරුලට ලංවන්නේ
සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම්
පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා