සනසන්න මා පැතුම්sanasanna maa paethum

Sanasanna Ma Pathum

Lyrics

සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම්
පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා

නින්ද නැති මේ රාත්‍රියේ ඔබ ගැන  සිතමින් ඉන්නේ
ඔබට මා සිත ඇති සෙනෙහේ කෙසේ පවසමිද ප්‍රියේ
සීත ගඟුලක් සේ ඔබ සිසිලස දෙන්නේ
මහ සයුරක් සේ ඔබ මා හද බැඳගත්තේ
මීබිදුවක් සේ මිහිරිය ඔබගෙ සෙනේ
එක නෙත් කැල්මෙන්  ඔබ මා සිත උමතු කලේ

සිහිනයක් සේ ඔබ දුටුවේ සුරලොව මා ඉදිරිය සේ
සුන්දරයි මේ ජීවිතේ ඔබ සිටී නම් සදා සැමදා

නින්ද නැති මේ .....

ඔබ පමණයි මගෙ හදවත මේ ලෙස සසල කලේ
ගලනා සිතුවිලි ලියනා පදවැල් පුබුදු කලේ
ඔබ හට පමණයි හදවතින්ම සෙනෙහස  පිදුවේ
කවදාදෝ මා ඔබගේ තුරුලට ලංවන්නේ

සනසන්න මා පැතුම් පිනවන්න මා හැඟුම්
පිලිගන්න මා ආදරේ පිවිතුරුය සදා සදා සැමදා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.