ගී පද
(සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ)..//
බිදුනු සිතුම් මැද ඉකිලන හදවත
සෙනෙහස ගැන කීවා
ඔබෙයි මගෙයි පෙම් සටහන් අභියස
පෙම් කල සිත රිදුනා .... ප්‍රේමෙයේ දුක දැනුනා
සමාවෙන්න මට..../
හිනැහෙන නෙතු අග රැදුනු සුපෙම් හද
මතකයි තව ඒවා
ඔබ හැර යන්නට සිතුනේ මා හට
ලොව එරෙහිවු හින්දා .... ඔබ කදුළක රන්දා
සමාවෙන්න මට ....//