ගී පද
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
පී‍්‍රතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ....
සමන් මල් පියල්ලේ.....
වනේ මල් නෙළාලා ඔබේ ගෙල බඳින්නම්
රීදී පිනි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ..ආ..
සාදරෙන් සොයාලා නිල් නෙලුම් ගෙනැල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සුදෝ සුදු වලාවෙන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාව ඉවුරේ ළං වී ඉඳින්නම් ආ...ආ..
අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා
ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...