සමන් මල් පියල්ලේsaman mal piyallee

Saman Mal Piyalle

Lyrics:
බණ්ඩාර K විජේසිංහbandaara k wijeesinha

Lyrics

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
පී‍්‍රතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ....
සමන් මල් පියල්ලේ.....

වනේ මල් නෙළාලා ඔබේ ගෙල බඳින්නම්
රීදී පිනි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ..ආ..
සාදරෙන් සොයාලා නිල් නෙලුම් ගෙනැල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

සුදෝ සුදු වලාවෙන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාව ඉවුරේ ළං වී ඉඳින්නම් ආ...ආ..
අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා
ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.