ගී පද
සැමදා ඔබ ලඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබටම සෙනෙහෙ පුදන්නම්//
දෑගිලි බැඳ අප එකම රන් හුයෙන්
මතු කවදාහෝ එකතු වෙමු
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉදිමු
සැමදා ඔබ ලඟ ....
එක සිත ඇතිනම් අපමණ බාදක
ආවත් කම් නෑ මුහුණ දෙමු
මතු භවයේ නොව මේ භවයේදීම
එකට එක් වෙලා සිනාසෙමු
සැමදා ඔබ ලඟ .... //