සැමදා ඔබ ලඟ ඉන්නම්saemadhaa oba langa innam

Samada Oba Laga Innam

Lyrics

සැමදා ඔබ ලඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට
ම‍‍ගෙ ආද‍‍රේ පවසන්නම්
ඔබටම ‍සෙ‍නෙ‍‍හෙ පුදන්නම්//

දෑගිලි බැඳ අප එකම රන් හු‍යෙන්
මතු කවදා‍හෝ එකතු වෙමු
එතුවක් අප‍ගේ ‍සෙ‍නෙහේ නා‍මෙන්
පැතුම් පුරා‍ගෙන අපි ඉදිමු

සැමදා ඔබ ලඟ ....

එක සිත ඇතිනම් අපමණ බාදක
ආවත් කම් නෑ මුහුණ ‍දෙමු
මතු භවයේ ‍‍නොව ‍මේ භව‍යේදීම
එකට එක් ‍වෙලා සිනාසෙමු

සැමදා ඔබ ලඟ .... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.