ගී පද
සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා
කල්ප කාලෙ දිගු ගමන් තලාවේ -ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා
මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා
සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා
රතු ලේ කිරි කල පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ