සක්වල එතෙරට ඇසෙනාsakwala etherata aesenaa

Sakwala Etherata Asena

Lyrics

සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා

කල්ප කාලෙ දිගු ගමන් තලාවේ  -ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා
මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා

සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා
රතු ලේ කිරි කල පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.