රුවන් වළාruwan walaa

Ruwan Wala

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මහගමසේකරmahagamaseekara

ගී පද

රුවන් වළා දුහුල් කඩින් පෙරී සදේ රිදී කැළුම්
තුෂාර හාර හා  එති ගලා හැලෙනවා
පුතුගෙ සිඟිති දොතොල් වලට සිනා ගෙනෙනවා
සිනා ගෙනෙනවා

අනෝතත්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
පවන් සලනවා

අතු අග මල් කුමාරියන් බිඟුමිණි දරල් සැළෙන හඬින්
නිදන පුතුගෙ කනට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා
සිතේ අඳිනවා

රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීතනිවන සිහින ලොවට බිළිඳු වඩිනවා
 බිළිඳු වඩිනවා