රුවන් තොටිල්ලේruwan thotillee

Ruwan Thotille

ගී පද

රුවන් තොටිල්ලේ සඳ  සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ

දරු දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව  හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා

යන එන තැන්හී සෙත සැළසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වේවා