Lyrics
රුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
දරු දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා
යන එන තැන්හී සෙත සැළසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වේවා