ගී පද

රුවන් අඹරක  සෙමෙර සළන - වළා පෙළ ගැසේ
ආදරයේ මැණික් තොරන් - ඈත මුණ ගැසේ

නිමල් මධුර මිහිර මවන - සොඳුරු ජීවිතේ
අමල් සිහින මවා ගෙනෙන - අමර තුසීතේ

ගඟුළැල්ලේ රළින් රළට - පෙණ පිඬු නැගෙනා
නෙළුම් විලේ මලින් මලට - සුවඳ පැතිරුණා

ආදර ලෝකේ නෑ දුක සෝකේ

ළා පත් සිඹ සීතල - නළ වැල් නැගුණා
සදා ආදරේ සිහිලැල් - රන් සළු එතුණා

ආදර ලෝකේ නෑ දුක සෝකේ