Lyrics
රුවන් අඹරක සෙමෙර සළන - වළා පෙළ ගැසේ
ආදරයේ මැණික් තොරන් - ඈත මුණ ගැසේ
නිමල් මධුර මිහිර මවන - සොඳුරු ජීවිතේ
අමල් සිහින මවා ගෙනෙන - අමර තුසීතේ
ගඟුළැල්ලේ රළින් රළට - පෙණ පිඬු නැගෙනා
නෙළුම් විලේ මලින් මලට - සුවඳ පැතිරුණා
ආදර ලෝකේ නෑ දුක සෝකේ
ළා පත් සිඹ සීතල - නළ වැල් නැගුණා
සදා ආදරේ සිහිලැල් - රන් සළු එතුණා
ආදර ලෝකේ නෑ දුක සෝකේ