ගී පද
රෑ යාමේ සීතලේ - සිරිපාදේ මීදුමේ
අපි හැම බැති ගී ගයා - වඳිනට යමු මුණි සිරිපා
ගත සෝදා පිරුවට ඇඳලා
සුමන සමන් දෙවි සිහිකරලා
හද බැතියෙන් කරුණා කරලා
ළං වෙමු මුණි සිරිපා වෙතටා
ඉර සේවය බලලා - අවට සිරිය පෙනිලා
සැම දෙවි පිහිටෙන් හා බලයෙන් - වඳිනෙමු අපි මුණි සිරිපා
සමනළයන්ගේ - සමනළ තටු අතරේ
සමනළ කන්දේ - සැමටම සාමය වේ
සාදු සාදු සාදු - හඬ පැතිරේ යාළු
මුණි සිරිපා අප මෙ වැදා - සාදු සාදු සාදු