රෑ යාමේ සීතලrae yaamee siithala

Re Yame Sithala

Lyrics

රෑ යාමේ සීතලේ -  සිරිපාදේ මීදුමේ
අපි හැම බැති ගී ගයා - වඳිනට යමු මුණි සිරිපා

ගත සෝදා පිරුවට ඇඳලා
සුමන සමන් දෙවි සිහිකරලා
හද බැතියෙන් කරුණා කරලා
ළං වෙමු මුණි සිරිපා වෙතටා

ඉර සේවය බලලා - අවට සිරිය පෙනිලා
සැම දෙවි පිහිටෙන් හා බලයෙන් - වඳිනෙමු අපි මුණි සිරිපා

සමනළයන්ගේ - සමනළ තටු අතරේ
සමනළ කන්දේ - සැමටම සාමය වේ

සාදු සාදු  සාදු - හඬ පැතිරේ යාළු
මුණි සිරිපා අප මෙ වැදා - සාදු සාදු  සාදු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.