රැයේ තුන්යමraeyee thunyama

Raye Thunyama

ගී පද

රැයේ තුන්යම තබා අවදිව - මුදා නිදි දැහැනින්
කරුණ කිව  මැන පෙළෙන මා සිත - කල්පනා දැහැනින්

සතුටු සළුවෙන් වසා සියොළඟ - අඳුර තුළ ගුලිවී
ලොවම ගොළු වන රැයෙක ඔබ මම - ඉඳිමු දොඩමළු වී

සදාකාලික සිහිනයක් වී - අතීතාවලියේ
බිඳි නොයනුය පිණි බිඳක් සේ - උදා හිරු එළියේ