ගී පද
රාවයයි....
සත්කුලු පවුරේ රැව්දෙනා
ගීතයයි..
ගීතයයි
රාජකීයන් මුමුණනා
නාමයයි...
නාමයයි
හෙළදිව සරා සවනත
වැකෙනා
දායාදයයි...
දායාදයයි..///
ශ්‍රී පින්බිම රකිනෙමු
ලෝකය අභියස
දස්කම් රන්දමු සිව්දිග
අභිමුව
කිරුළු දරන්නට ගෙනයමු
ඔබේ නම
මේ රන් යුගයයි..
මව් ඔබ වැජඹෙන...
වැජඹෙන..///
අහස නුඹයි රාජකීය
තරුකැළ දරණා..
මිහිමඩල නුඹයි රජ දරු
හද පෙම උතුරුවනා..
සිප්සයුර නුඹයි අප
ගුණනැණ ඔප කරනා...
මිණි කිරණ නුඹයි රාජකීය
මව් අප දිදුලනා..
ලක් දෙරණේ සදා..//
ශ්‍රී පින්බිම රකිනෙමු....
රාවයයි සත්කුලු පවුරේ
රැව්දෙනා....
රාවයයි...
ගීතයයි...
නාමයයි...
දායාදයයි...
රාවයයි...