රාවයයිraawayayi

Rawayai

Music:
පූර්වා මධන්ගනී සහ පුලස්ති ප්‍රියදර්ශනpuurwaa madhhanganii saha pulasthi priyadharshana
Lyrics:
පූර්ණිමා සමින්දිpuurnimaa samindhi

Lyrics

රාවයයි....
සත්කුලු පවුරේ රැව්දෙනා
ගීතයයි..
ගීතයයි
රාජකීයන් මුමුණනා 
නාමයයි...
නාමයයි
හෙළදිව සරා සවනත
වැකෙනා
දායාදයයි...
දායාදයයි..///

ශ්‍රී පින්බිම රකිනෙමු
ලෝකය අභියස 
දස්කම් රන්දමු සිව්දිග
අභිමුව
කිරුළු දරන්නට ගෙනයමු
ඔබේ නම
මේ රන් යුගයයි..
මව් ඔබ වැජඹෙන...
වැජඹෙන..///

අහස නුඹයි රාජකීය 
තරුකැළ දරණා..
මිහිමඩල නුඹයි රජ දරු
හද පෙම උතුරුවනා..
සිප්සයුර නුඹයි අප
ගුණනැණ ඔප කරනා...
මිණි කිරණ නුඹයි රාජකීය
මව් අප දිදුලනා.. 
ලක් දෙරණේ සදා..//

ශ්‍රී පින්බිම රකිනෙමු....

රාවයයි සත්කුලු පවුරේ
රැව්දෙනා....

රාවයයි...
ගීතයයි...
නාමයයි...
දායාදයයි...
රාවයයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.