ගී පද
රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ
දෙනෝදහක් ලොව සිටියත් කම් නැත මට මව් හෙවන වගේ
රන් දෝලාවක කුමරෙකු අත ගෙන ඈත දුරක ඔබ යන දිනයේ
හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිතට මගේ එදිනේ
ගියද කොහේ මම ළගය ඔබේ නිති බෙදී බිඳී නොමයේ
යහළුවාට යෙහෙළියට මගේ ළඟ ඔබ පමණයි ඉන්නේ
රතු ගුරු පාරේ ....
මහළු වියේ මා තනි වන දවසේ වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුව් නුඹයි මට එදාට වම් වන්නේ
මා ගත සුවඳයි ඔබ ගත සුවඳයිකිසි වෙනසක් නැත්තේ
මමයි ඔබේ දුව ඔබයි මගේ මව භවෙන් භවේ නිබඳේ
රතු ගුරු පාරේ ....