රතු ගුරු පාරේ හැන්දෑවේrathu guru paaree haendhaewee

Rathu Guru Pare Handawe

Lyrics

රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ
දෙනෝදහක් ලොව සිටියත් කම් නැත මට මව් හෙවන වගේ

රන් දෝලාවක කුමරෙකු අත ගෙන ඈත දුරක ඔබ යන දිනයේ
හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිත‍ට මගේ එදිනේ
ගියද කොහේ මම ළගය ඔබේ නිති බෙදී බිඳී නොමයේ
යහළුවාට යෙහෙළියට මගේ ළඟ ඔබ පමණයි ඉන්නේ

රතු ගුරු පාරේ ....

මහළු වියේ මා තනි වන දවසේ වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුව් නුඹයි මට එද‍ාට වම් වන්නේ
මා ගත සුවඳයි ඔබ ගත සුවඳයිකිසි වෙනසක් නැත්තේ
මමයි ඔබේ දුව ඔබයි මගේ මව භවෙන් භවේ නිබ‍‍ඳේ

රතු ගුරු පාරේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.