ගී පද
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
ආත්මයෙන් ආත්මයේ රත්තරං මා ඔබේ
සත් ය පරමාදරේ සත් පියුම් සුපිපුණා
ජන්මයෙන් ජන්මයේ පතිනියයි මා ඔබේ
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ
ළඟ ඉන්න හිමි නෑ සැනහී ඔබ සෙනෙහසින්
ඔබ පෑ සිනහා සිත ළඟයි
ඔබ සුවඳ මා ජීවත් කරයි
ජිවිතේ පරම සැපත ඔබ වේමැයි
මා ඔබේමයි
දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා
මනමාළ ඉඟි පෑ රහසේ හද කළඹවා
තාමත් නෑ මං නම් දන්නේ
බැදුනේ ඇයි දැයි මේ සෙනෙහේ
ඔබ මාගේ ප් රාණය හා සම වේමැයි
මා ඔබේමයි
රත්තරං හීනයේ
සත්තකයි මම උන්නා
ආත්මයෙන් ආත්මයේ
පතිනියයි මා ඔබේ