රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නාraththaran hiinayee saththakayi oba unnaa

Raththran Heenaye

Lyrics

රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
ආත්මයෙන් ආත්මයේ රත්තරං මා ඔබේ
සත් ‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා
ජන්මයෙන් ජන්මයේ පතිනියයි මා ඔබේ
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා

දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ
ළඟ ඉන්න හිමි නෑ සැනහී ඔබ සෙනෙහසින්
ඔබ පෑ සිනහා සිත ළඟයි
ඔබ සුවඳ මා ජීවත් කරයි
ජිවිතේ පරම සැපත ඔබ වේමැයි
මා ඔබේමයි

දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා
මනමාළ ඉඟි පෑ රහසේ හද කළඹවා
තාමත් නෑ මං නම් දන්නේ
බැදුනේ ඇයි දැයි මේ සෙනෙහේ
ඔබ මාගේ ප් ‍රාණය හා සම වේමැයි
මා ඔබේමයි

රත්තරං හීනයේ
සත්තකයි මම උන්නා
ආත්මයෙන් ආත්මයේ
පතිනියයි මා ඔබේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.