රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟranmasu uyanee kandulu pokuna langa

Ranmasu Uyane Kandulu Pokuna Langa

ගී පද

රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ
මින්පසු අප නෑ හමුවන්නේ
රන්රසුදැල් පිරි වාසළ මුදුනේ
තහංචි වැටිලා කුමාරියේ
අශෝකමාලා කුමාරියේ

තිසාවැවෙන් එන සීතල පුසුඹේ
ලියා එවන්නද මේ ලෙන්ගතු කම
ලිහා  තියා අබිමන් වාසල් දොර 
සොයාන එන්නම් කුමාරියේ
බලා ඉන්නෙපා දිවා රැයේ 

කිරුළු දරන කඳුළු නොතේරෙන 
ඉසුරු තෙදැති මිනිසුන්ගෙන් වෙන්වී
ඉසුරුමුණියෙ උණුවෙන ගල් පෙත්තක
ආදර සිත්තම් නෙලමු අපි
බලාන ඉන්නට දිවා රැයේ 

රන්මසු උයනේ ....