Lyrics
රන්මසු උයනේ කඳුළු පොකුණ ළඟ
මින්පසු අප නෑ හමුවන්නේ
රන්රසුදැල් පිරි වාසළ මුදුනේ
තහංචි වැටිලා කුමාරියේ
අශෝකමාලා කුමාරියේ
තිසාවැවෙන් එන සීතල පුසුඹේ
ලියා එවන්නද මේ ලෙන්ගතු කම
ලිහා තියා අබිමන් වාසල් දොර
සොයාන එන්නම් කුමාරියේ
බලා ඉන්නෙපා දිවා රැයේ
කිරුළු දරන කඳුළු නොතේරෙන
ඉසුරු තෙදැති මිනිසුන්ගෙන් වෙන්වී
ඉසුරුමුණියෙ උණුවෙන ගල් පෙත්තක
ආදර සිත්තම් නෙලමු අපි
බලාන ඉන්නට දිවා රැයේ
රන්මසු උයනේ ....