රන් හිරු මඩලින් සිහිලස අයදිනවා (ලෝකය බිහි වූ දා සිට)ran hiru madalin sihilasa ayadhinawaa (lookaya bihi wuu dhaa sita)

Ran Hiru Madalin Sihilasa Ayadinawa (Lokaya Bihi Wu Da Sita)

ගී පද

රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා //

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා //
දිලිසෙන දියරැල් මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා

රන් හිරු මඩලින් ....

ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා //
නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා

රන් හිරු මඩලින් ....