Lyrics
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනෙන් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා //
සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා //
දිලිසෙන දියරැල් මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා
රන් හිරු මඩලින් ....
ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලද දේ කල කී දේ හිත හඬවනවා //
නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා
රන් හිරු මඩලින් ....