රන් දුනුකේ මල සේran dhunukee mala see

Ran Dunuke Mala Se

ගී පද

රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ
පති කුලයේ කුමරා - ඇය කැන්දා යනවා

සුදු සේල ගතේ එතුනා - ගෙල මාල හතක් බැදුනා
රස විහිලු කතා ඇසුනා - මුව කෝල සිනා පිපුනා

රන් දුනුකේ මල සේ...

ඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දෝණි කියා කියනා
මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා

රන් දුනුකේ මල සේ...