Lyrics
රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ
පති කුලයේ කුමරා - ඇය කැන්දා යනවා
සුදු සේල ගතේ එතුනා - ගෙල මාල හතක් බැදුනා
රස විහිලු කතා ඇසුනා - මුව කෝල සිනා පිපුනා
රන් දුනුකේ මල සේ...
ඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දෝණි කියා කියනා
මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා
රන් දුනුකේ මල සේ...